Tuesday, June 20, 2017

දුම්රිය අනතුරු වලින් මාස 5ක් ඇතුළත 207 මෙලොව අත්හැර ගොස් තිබේ........

ඉතින් වළාකුළුට මතක් උණා පුංචි කාලේ කූච්චිය(කෝ)   ගැන ඉගෙන ගත්ත කවියක් - (මතකද බලන්න)

      -----කුචු කුචු කුචු කුචු
කෝච්චියක් එනවා  
කඳු ගැට නැග නැග
පල්ලම්  බැස බැස
කෝච්චියක් එනවා------




කවුද හිතුවේ . මේ  ගෑණු ටික  මේ තරම් වසයි කියලා, හිකත් පපුවක් නැතැයි කියලා (එහෙම හිතන්නෙපා හොඳේ)................ ......වරද?........ කාගෙද?...............

බදුලු කුමාරිගෙද, සමුද්‍ර දේවිගෙද, රුහුණු කුමාරිගෙද
නෑ නෑ මේ ගෑණු අය වැරදි නෑ  ..........

මෙලෝ විචාරයක් නැතිව සෙල්පි ගහපු අයියිලා මල්ලිලාගේද?.........ජීවිත ගමනේ  ප්‍රශ්න විසදන්න රේල් පීල්ලට බාර දීලා ප්‍රශ්න වලින් පලා යන අක්කලා නංගිලාගේද?.......

නැත්නම් අපි විසින්ම නිර්මාණය කරගෙන පවත්වාගෙන යන සමාජ ක්‍රමයේද?

කාගේ වරද වුණත්......................ඒක ලොකු වරදක්.................අවජාතක වරදක්









Sunday, June 18, 2017

විකාර පෙට්ටිය


ගෑනුන්ගේ පිරිමිනිගේ ළමයින්ගේ
හිත්
වෛරයෙන්
මායාවෙන්
ක්‍රෝධයෙන්
වනසාලන
ඉන්දීය ටෙලි විකාර

එක මිනිහට ගෑනු දෙකයි
ඒ ඹක්කොම එකම ගෙදර
තව ගෙදරක භූත බැලුම්
චැනල් එකට හරි ලාබයි

නයින් භූතයන් යක්ෂයන්
පිසාදයන් කුම්භාණ්ඩයන්
රූප පෙට්ටියෙන්
අපේ  ගෙදරටත් එයි

අපිට අපේ වග අමතක කරන
ශිවන්යලා, ඉෂි අම්මාලා....තුළ.....
ජීවත් වන
උන්ගේ ප්‍රශ්න අපේ වන

ගෑනු මිනිස්සු ......
ළමයි - බමයි..........ගේ
ඔලු විකාර කරන
විකාර පෙට්ටිය.............








Saturday, June 17, 2017

දුන්නු හාදුව




මතකද.................

වෙන්ව යන්න

මොහොතාකට කලින් 

නුඹ මගේ නලළත සිඹ ආදරෙන්

දුන්නු හාදුවට.......................
හදවත ගැහුණා මගේ හයියෙන් 
වෙන් වෙන්න නොහැකි අයුරින් 
නැවත .....................

හමුවෙන්න ඇත්නම් 
හැන්දෑවේ....................

කපුගල කන්ද මුදුනේ..............

බින් කරුවල වැටෙන යාමේ................














Wednesday, June 14, 2017

හිත, හිස හා හදවත සංවර්ධනය කිරීම අධ්‍යාපනයෙන් සිදු විය යුතුයි

‘‘ඔබ සැළසුම් කරන්නේ වසරකට නම් ධාන්‍යය වපුරන්න.
ඔබ සැළසුම් කරන්නේ දශකයකට නම් ගස් සිටුවන්න.
ඔබ සැළසුම් කරන්නේ ජීවිත කාලයටම නම් ජනතාවට අධ්‍යාපනය දෙන්න’’


මේ වන විට අධ්‍යාපනය පිළිබඳ විවිධ කතිකාවන් ඇති වී ඇත. මිනිස් සමාජයේ යහපත වෙනුවෙන් විධිමත් අධ්‍යාපනයත් අත්‍යවශ්‍ය වේ. අධ්‍යාපනයේ සැබෑ අරමුණ විය යුත්තේ සෑම දරුවෙක්ටම තමන් ජීවත් වන සමාජයේ යහපත වෙනුවෙන් විචාරශීලීව හා ප්‍රතිපත්තිගරුකව සංස්කෘතිය හා සදාචාරය සුරැකෙන අයුරින් ජීවිතය හැඩගස්වා ගැනීමට අවැසි බුද්ධිමය හා භාවමය ශක්‍යතාව ජනිත කිරීමයි. නිදහස් අධ්‍යාපනයේ මූලධර්ම වලට අනුව ලංකාවේ සියලුම දූ දරුවන්ට නිදහස් අධ්‍යාපනය හිමි වී ඇත. පෙරදිගින් දර්ශනය හා බටහිරින් දර්ශනයත් කැටි කොට අධ්‍යාපනය හැඩගැසී ඇති අතර පාසල යනු ඒ දර්ශනය ලබා දෙන්නා වූ  නිවස වේ.

ලංකාවේ අධ්‍යාපනයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ 1931-1934 කාලයයි. එම කාල සමයේ දී ග්‍රාමීය අධ්‍යාපන ක්‍රම නඟා සිටුවීමට පාසල් දන්ත වෛද්‍ය සේවය ඇති කිරීම, දිවා ආහාරය දීමේ වැඩපිළිවෙල (1935),සංවිධානාත්මක කාල සටහන් ක්‍රමය, මධ්‍ය මහා පාසල් ප්‍රාදේශීය මට්ටමින් ඇති කිරීම (1939), අධ්‍යාපනයේ සම අවස්ථා සැලසීමේ සංකල්පය, පාසලට ඇතුළත් වී විශ්ව විද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපනය ලබා දීම (1946), මව් බසින් ඉගැන්වීමේ යෝජනාව (1946) වැනි පියවර ගණනාවක් ක්‍රියාත්මක විය.   

ලංකේය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විවිධාකාර වූ පාසල් වර්ග දක්නට ලැබෙන අතර ඒවා ඉසුරු පාසල්, ජාතික පාසල්, නවෝද්‍යා පාසල්, ප්‍රථමික පාසල්, කණිෂ්ඨ පාසල්, ජාත්‍යන්තර පාසල් ආදී වශයෙන් හඳුනාගත හැකිවේ.එසේම දෙමව්පියන්ගේ ආර්ථික ශක්‍යතාව, සමාජ පසුබිම, දේශපාලන සම්බන්ධතා හා දරුවාගේ අධ්‍යාපන කෞෂල්‍ය ආදී සාධකයන් මත දරුවා අධ්‍යාපනය ලබන පාසල තීරණය වේ.

මේ අතරින් ජාත්‍යන්තර පාසල්වල ඉගෙනීමට අවශ්‍ය වන්නේ ආර්ථික ශක්‍යතාව පමණි. නමුත් ධනපති පන්තියේ දූ දරුවන් පමණක් නොව බොහෝ මධ්‍යම පාන්තික දෙමව්පියන් තම සමාජ තත්ත්වය නිරූපණයට දරුවන් මෙකී ජාත්‍යන්තර පාසල් වෙත යොමු කරයි. 

අධ්‍යාපන අමාත්‍යංශයේ සෘජු අධීක්ෂණය යටතේ හෝ එසේ නොමැතිව පවත්වාගෙන යන  ජාත්‍යන්තර පාසල් සෑම නගරයකම පාහේ දක්නට ලැබේ. මෙම ලිපිය ලිවීමට මුල් වූයේ මහරගම ප්‍රදේශයේ පවතින එවැනි උසස් ජාත්‍යන්තර පාසලක් දුටු මොහොතේය. එහි පැවති තත්ත්වය මෙරටේ පාසල් වල පැවතිය යුතු ප්‍රමිතිය සම්බන්ධයෙන් වගකිව යුත්තන්ගේ අවධානය වැඩි වශයෙන් යොමු කිරීමේ අවශ්‍යතාව ඉස්මතු කළ බව පැවසිය හැකිය.
ප්‍රධාන නගරයන්ගෙන් බැහැරව පවතින බොහෝ ජාත්‍යන්තර පාසල් පිහිටි භූමි  හා ගොඩනැඟිලි පාසල් පරිසරයකට නුසුදුසු තත්ත්වයෙන් පවතී. හොඳම දේ දරුවන්ට යනුවෙන් 1917 සාර් පාලනය පෙරළා දැමූ වී. අයි. ලෙනින් පවසා ඇත.

“සීනුව වදින තුරා
මුලු පාසල් මිදුල පුරා
වැලි දූලි නාන......”

ඒ අනුව මහරගම ප්‍රදේශයේ එක්තරා ජනප්‍රිය ජාත්‍යන්තර පාසලක් පවත්වාගෙන යන්නේ නිවසක් වැනි ගොඩනැඟිල්ලකය. පන්තිකාමර පවත්වාගෙන යන්නේ කුඩා කාමරවලය. මේ රජයෙන් නොමිලේ ලබාදෙන අධ්‍යාපනය වෙනුවට දෙමව්පියන් විසින් මුදල් ගෙවා ලබාදෙන අධ්‍යාපනයේ ස්වරූපයයි.


ජාතික අධ්‍යාපන කොමිසන් සභාවේ 1992 වර්ෂයේ දී පළ වූ වාර්තාවේ යෝජනාවට අනුව නිපුනතාවන් 5ක් දක්වා ඇත. එය අධ්‍යාපන මනෝ විද්‍යාවට හා ළමා සංවර්ධන අවධීන්ට අනුකූලව විෂය පථ 13 කට අනුව  සකසා ඇත.

1.       සන්නිවේදනය පිළිබඳ නිපුනතාව
2.       පරිසරයට අදාල නිපුනතාව
3.       ආචාරධර්ම වලට අදාල නිපුනතාව
4.       ක්රීඩා හා විවේකය පිළිබඳ නිපුනතාව
5.       ඉගෙනීමට ඉගෙනීම පිළිබඳ නිපුනතාව
(ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ පළමු වාර්තාව ඇසුරෙනි.)

මෙම ලිපිය යටතේ පාසල් පරිසරය ගැන මූලික අවධානය යොමු වන බැවින් මෙම නිපුනතාවන් පිළිබඳ වැඩි අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙමි. විශේෂයෙන්ම ගස් කොළන් වලින් වටවූ පරිසරයක පාසල පිහිටීම පාසල කෙරේ දරුවාගේ ඇති කැමැත්ත වැඩි කරයි. එසේම විෂය කරුණු පමණක් මුල් කර  ගනිමින් යහපත් දරුවෙකු නිර්මාණය කළ නොහැකි අතර විෂය බාහිර ක්‍රියාකාරකම් මෙන්ම පාසලේ බාහිර පරිසරය තුළ සිදුකරනු ලබන ක්‍රියාකාරකම් තුළ සමබර අධ්‍යාපනයක් ලබන දරුවා අනාගතයේ දී ප්‍රබුද්ධයෙකු වනු ඇත. 

මේ ආකාරයට සමාජීය පරිසරය, ජීව විද්‍යාත්මක පරිසරය හා භෞතික පරිසරික ආදී සාධක දරුවාගේ අධ්‍යාපන රටාවට සෘජුවම බලපානු ලබයි. නමුත් සමහර ජාත්‍යන්තර පාසල්වල මෙකී සාධකයන් දක්නට ලැබෙන්නේ  නැත. කුඩා ඉඩ ප්‍රමාණයක පවත්වාගෙන යන පාසලකින් දරුවාට උක්ත කී ගුණාත්මක වපසරියක් බලාපොරොත්තු විය නොහැක. කුඩා කාලයේ  දරුවා දකින, ඔවුන් හැසිරෙන පරිසරය අනුව ඔවුන්ගේ අනාගත තීරණය වනු ඇත.
ආචාර ධර්ම වලට අදාළ නිපුනත්වය යටතේ දරුවා ශීලාචාර කිරීමට අවශ්‍ය ආකල්ප සංවර්ධනය කිරීම බලාපොරොත්තු වේ. ඒ අනුව ආගමික ඉගැන්වීම්, මතවාද, වත් පිළිවෙත්, සිරිත් විරිත් වලට අනුකූලව හැඩගැසීම වැදගත් වේ. දේශීය චින්තනය හා සංස්කෘතිය මත හැදී වැඩෙන දරුවන් නිර්මාණය කිරීමට මෙකී ආචාරධර්ම වල නිපුණත්වය අත්‍යවශ්‍ය වේ.
 හෙට දවස යහපත් ගුණ දහමින් හා හික්මීමෙන් යුතු දරු පරපුරක්‌ අපට සිටියි නම් හෙට දවසේ අපේ රටේ අනාගතය ගැන බියවිය යුතු නැත.

එසේම දරුවන්ට ක්‍රීඩා හා විවේකය පිළිබඳ කෞෂල්‍ය ද ඉතා වැදගත්ය.  ශාරීරික හා මානසික සංවර්ධනය උදෙසා පාසල් ළමුන් විවිධ ක්‍රීඩාවල නිරත වේ. ශරීර සෞඛ්‍යය, දියුණුවන ව්‍යායාම හා ශාරීරික වශයෙන් නොයෙක් දක්ෂතා වැඩිදියුණු වන ක්‍රියාකාරකම් පාසල්වල සංවිධානය කළ යුතුය. විශේෂයෙන්ම ළමා පෞරුෂ සංවර්ධනය සඳහා අවශ්‍ය පුද්ගලික හා සමාජ කුසලතා වර්ධනයට අධ්‍යාපනය ලැබීම මහෝපකාරීවේ.

අධ්‍යාපනය නිසා පොදු හික්මීමක්, තීරණ ගැනීමේ ශක්තියක් හා සමාජ වගකීම් පිළිබඳ අවබෝධයක් ඇතිවිය යුතුයැයි එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සඳහන් කරයි.
කෙසේ වුවත් අධ්‍යාපන කාර්යය තුළ දී මෙන්ම සමාජයට පිවිසි පසුවද බොහෝ දෙනෙකු තුළ අභියෝගයන්ට මුහුණ දීම, නිර්මාණශීලීත්වයෙන් තොර බව හා සමාජ කුසලතා අවම මට්ටමක පවතින් අතර විරැකියාවෙන්ද පෙළීම සඳහා එම තත්ත්වයන්ද යම්තාක් දුරකට හේතුවේ.


ඉගෙනීම දැනුම් සම්භාරයකින් මනස පුරවා ගැනීම පමණක් නොව කායික මානසික හා සමාජීය වශයෙන්  සංවර්ධිත දරුවෙකු සමාජයට දායාද කිරිමක් වශයෙන් ද පෙන්වා දිය හැකිය. ගාන්ධිතුමා විසින් ප්‍රකාශ කළ පරිදි හිත, හිස හා හදවත සංවර්ධනය කිරීම අධ්‍යාපනයෙන් සිදු විය යුතුය.   

එහෙත් නිසි ප්‍රමිතියෙන් තොර ජාත්‍යන්තර පාසල්වල  අධ්‍යාපන සැලසුම් ක්‍රියාත්මක කරන පිරිස් ප්‍රඥාගෝචර නොවීමද ඒවායින් අධ්‍යාපනය ලබන්නා වූ දරුදැරියන්ගේ අධ්‍යාපනය ගුණාත්මක නොවීම සඳහා හේතුවක් බවට පත් වී ඇත. විශේෂයෙන්ම විධිමත් පුහුණුවක් ලබා නොමැති ඇතැම් ගුරුවරුන්ට ලැබෙන්නේ ඉතාම පහළ වේතනයකි. අධ්‍යයනය, විශ්ලේෂණය, සංස්ලේෂණය,සම් පරීක්ෂණ හා නිතර යාවත්කාලීන වන දැනුමක් ඇති ගුරුමඬුලක් ප්‍රමිතියකින් යුතු අධ්‍යාපනයක් ලබා දීම සඳහා අවශ්‍ය වේ. නමුත් මෙම පිරිස් උක්ත ආකාරයේ ප්‍රමිතියෙන් යුතු පිරිසක් දැයි දෙමව්පියන් මෙන්ම අධ්‍යාපන බලධාරීන්ද විමසා බැලිය යුතුය. එබැවින් ජාත්‍යන්තර පාසල්වල බහුතර ශිෂ්‍ය සංඛ්‍යාවකට අධ්‍යාපනයෙන් අපේක්ෂිත කුසලතා කරා ළඟාවීමට නොහැකි වී තිබේ.

පාසලක් ආරම්භ කිරීම යනු සිර ගෙවල් සියයක් වැසීම වැනියැයි කියමනක් සමාජගතව පවතිනඅතර ඒ අනුව පාසල් වැසී යාම තුළ සමාජ අපරාධ වර්ධනය වීම පුදුමයට කරුණක් නොවේ. සමාජය තුළ මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, මංකොල්ලකරුවන් ආදී විවිධ මට්ටම්හි අපරාධකරුවන් බෝ වනුයේ මෙසේ පාසැල් වැසී යාමෙන් නිසි අධ්‍යාපනයක් හෝ ඉන් ලැබිය යුතු වූ අත්‍යවශ්‍ය හික්මීම හෝ නොමැතිව පුද්ගලයින් සමාජගතවීම හේතුවෙනි.

ඒ අනුව පැවසිය යුතු වන්නේ මෙවැනි සුවිශේෂ ගැටලුකාරී තත්ත්වයන් රාශියක් මෙම ක්ෂේත්‍රයේ පාසල් පද්ධතිය තුළ දක්නට ලැබුණ ද තවමත් බලධාරීන්ගේ නිසි අවධානය ඒ කෙරෙහි යොමු වීම ඉතා අවම මට්ටමක පවතින බවය. එසේමපිළිබඳව කතිකාවතක්‌ නොතිබීම සමාජය තුළ පවත්නා රිකිතකයක් වශයෙන් ද පෙන්වා දිය හැකිය.

අධ්‍යාපනය තුළින් ඇති කරගන්නා චර්යයාත්මක වෙනස මිනිසාගේ මරණය දක්වාම ස්ථාවර ලෙස බලපාන බැවින් රටක ජාතික අධ්‍යාපන ප්‍රමිතීන් සැකසීමේදී බලධාරීන් විසින් ඒ සඳහා නිසි අවධානයක් යොමු කිරීමට වගබලා ගත යුතුය.  එසේම අධ්‍යාපනයේ වර්තමාන තත්ත්වය හා එහි අනාගත අභියෝග සම්බන්ධයෙන් ශාස්‌ත්‍රීය වූත්, කාලීන වූත් කතිකාවතක්‌ වර්තමානයේ දී ඇති කිරීම වැදගත්ය. විශේෂයෙන්ම ආර්ථික දරිද්‍රතාවය ඇතිවීමට පාදක වනුයේ අධ්‍යාපනික දරිද්‍රතාව වන බැවින් එය තුරන් කිරීම සඳහා කටයුතු කළ යුතුය.





Tuesday, June 6, 2017

ලක්දිව බුදු සමයට පිවිසි පොසොන් පොහොය....


බෞද්ධයින් වන අපට වඩාත්ම වැදගත් වන පොහෝ දිනයක් වශ‍යෙන් පොසොන් පොහොය හැඳින්විය හැකිය. මන්ද යත් බුද්ධාගම ප්‍රමුඛ කරගත් බෞද්ධ සංස්කෘතිය මෙරටට ලැබෙන්නේ මෙම දිනයේ දී වන බැවිනි. කෙසේ වුවත් බුදු දහමත් සමඟ ලාංකිකයින් සංස්කෘතික ජන කොට්ඨාශයක් බවට පත් වූ බවට බොහෝ දෙනා විසින් ප්‍රකාශ කරනු ලබයි. එනම් මෙම කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී පැවසෙන කරුණක් වන්නේ බුදු දහම මෙරටට පැමිණීමට පෙර ගස් ගල් වන්දනාමාන කරමින් සිටි නොදියුණු ජන පිරිසක් මෙරටේ සිටි බවයි. එහෙත් එම ප්‍රකාශයන්හි සත්‍යාසත්‍යතාව පිළිබඳ මේ වන විට ගැටළු පැන නැගී ඇත්තේ ඊට අවුරුදු දහස් ගණනකට පෙරද සංස්කෘතික වශයෙන් වඩාත් දියුණු ජන පිරිස් මෙරටේ වාසය කර ඇති බවට පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය ලැබෙන බැවිනි.

කෙසේ වුවත් පොසොන් පොහෝ දිනයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී බුද්ධ චරිතය හා සම්බන්ධ විශේෂ සිදුවීම් ගණනාවක් එම දිනයේදී සිදුවී ඇති බවට බෞද්ධ ඉතිහාසය සාක්ෂි දරයි. ඒ අනුව බුද්ධත්වයට පත් වී සිව්වන සතියේ  රුවන්ගෙයි වැඩ හිඳිමින් ධර්මය මෙනෙහි කරමින් සිටි අමාමෑණී බුදු පියාණන්  වහන්සේගේ ශරීරයෙන් ප්‍රථම වරට සවණක් ඝණ බුදු  රැස් විහිදුණේ උතුම් වූ පොසොන් පෝ දිනයේය.

එසේම ලාංකේය බෞද්ධයන් වන අපට පොසොනේ පොහොය ඉතා වැදගත් වන්නේ බුදු දහම මෙරටට ලැබීම නිසාය. මෙතෙක් ගස්, ගල්, ඉර, හඳ වන්දනාමාන කරමින් ජීවත් වූ ලාංකාපුර වාසීන්ට තිර ආගමක් හා නිවැරදි මඟ පෙන්වීමක් ලැබෙන්නේ මහින්දාගමනයත්  සමඟය.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 218 කට පසුව ඉන්දියාවේ පැවති තෙවන ධර්ම  සංඝායනාවන් පසු ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පූර්ණ සහය සහිතව මොග්ගලීපුත්ත තිස්ස තෙරුණ්ගේ මූලිකත්වයෙන් රටවල් නවයකට බුදු දහම රැගත් දූත පිරිස්  යැවූ අතර එම ශාන්තීය දූතයන් මිස්සක පව්වට පැමිණෙන්නේ  බු.ව 236 දීය. ඒ සදහම් පණිවිඩය සමඟ මෙරට ආගමික, සමාජීය හා සංස්කෘතික පුනරුදයක් ඇතිවිය.

එසමයේ අසල්වැසි රාජ්‍යය වූ දඹදිව රජ කරන ලද්දේ අශෝක අධිරාජ්‍යයාය. කාලිංගය දෙවනත් කරමින් මහා ජන සංහාරයක් සිදු කරමින් දිග් විජය ප්‍රතිපත්තියක් අනුගමනය කළ නිසා ඔහු චණ්ඩාශෝක නම් වීය. මෙම සංග්‍රාමයෙන් පසු විනාශ වූ මිනිස් ජීවිත ගැන කලකිරී හත් හැවිරිදි නිග්‍රෝධ සාමනේර වහන්සේගෙන් දහම් කරුණු අවබෝධ කරගනිමින් එතුමා දහම් විජය වැළඳ ගත්හ. චණ්ඩාශෝක නමින් දෘඪ සිත් ඇති අධිරාජ්‍යයා එතැන් සිට ධර්මාශෝක විය. අසූදහසක් වෙහෙර විහාර කරවා බුදු සසුන්ට පූජා කළ ඔහු සිය පුතණුවන් හා දියණිය ද සසුන්ගත කරවීය. ඒ ධර්ම විජය ප්‍රතිපත්තිය යටතේ අපට බුදු දහම ලැබුණි.

මෙරට ප්‍රථම සිංහල රජු වූ පණ්ඩුකාභය රජුගෙන් (බු.ව 107, මහාවංශය) පසු රජවූ  මුඨසීව රජුට (බු.ව, 177, මහාවංශය) පුතුන් දසදෙනෙක් හා දූවරු දෙදෙනෙක් වීය. මුඨසීව රජුගෙන් පසු රාජ්‍ය පාලනය ලබා ගත්තේ තිස්ස කුමාරයාය. ඔහු ධර්මාශෝක රජු සමඟ සමීප සම්බන්ධතා පවත්වා ගත් අතර අශෝක රජු විසින් තුටු පඩුරු හා අභිෂේකයට අවශ්‍ය සියලු  භාණ්ඩත් තුනුරුවන් පිළිබඳ පණිවිඩයත් තිස්ස රජුට එවන ලදී. හසුන් බලා තෙරුවන් කෙරේ පැහැදී  වෙසක් පුන් පෝ දා තිස්ස රජු බුදු දහම වැළඳ ගත්තේය.

''සමණාමයං මහාරාජ - ධම්ම රාජස්ස සාවකා
තවේව අනුකම්පාය -ජම්බුදීපා ඉධාගතා''
''මහරජ අපි ධර්මරාජ්‍යන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රමණයෝය. ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු.''

මිහිඳු හිමි  ඇතුළු පිරිස (ඉට්ටිය, උත්තිය, සම්බල, බද්දසාල රහත් වහන්සේලා ද, සුමන සාමනේරයන් හා පණ්ඩුක නම් උපාසක) මෙම උතුම් පුන් පොසොන් පෝ දින මිස්සක පව්වට වැඩම කළ අතර මෙම ධර්ම දූත පිරිස විශේෂිත වූයේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ සමීපතයන් ධර්ම දූතයින් වශයෙන් මෙම දහම් පණිවිඩය මෙරට ඒමය. ඒ දෙරට අතර පැවති මිත්‍ර සම්බන්ධයේ ප්‍රතිඵලයක් වශයෙනි. මිහිඳු හිමි අශෝක අධිරාජ්‍යයාගේ පුත්‍රයා වන අතර, සුමන සාමනේර වහන්සේ අශෝක අධිරාජ්‍යාගේ දියණියගේ පුත්‍රයාය. එසේම භණ්ඩුක නම් උපාසක මිහිඳු හිමිගේ මෑණියගේ සොයුරියගේ දියණියගේ පුත්‍රයාය.

ධර්මය වටහා ගැනිමට තරම් වූ අවබෝධයක් රටේ පාලකයාට ඇතිදැයි පරීක්ෂා කිරීමට මිහිදු හිමි විසින් අඹ ගස් හා ඥාතීන් සම්බන්ධ ප්‍රශ්න ඇසූ අතර පසුව රජු ඇතුළු පිරිස පංච සීලයේ පිහිටුවා ඔවුන් හට චුල්ල හත්ථි පදෝපම සූත්‍රය දේශනා කරන ලදි. මෙම සූත්‍ර දේශනාවේ අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ සම්‍යක් සම්බුද්ධ භාවය, ධර්මයන්හි සත්භාවය හා සංඝරත්නය සතු වූ ශ්‍රේෂ්ඨභාවය පිළිබඳ සූත්‍ර දේශනා ඇතුළත් විය.
අනතුරුව මිස්සක පව්ව මතදී භණඩුක උපාසක පැවිදි කොට උපසම්පදා භික්ෂුවක් බවට පත්කළ අතර එය මෙරටදී සිදුකළ ප්‍රථම පැවදි කර්මයයි. එමෙන්ම බුදු දහම පවත්වාගෙන යාමට  අවශ්‍ය  පසුබිම නිර්මාණයට මූලික වූ අවස්ථාව වූයේ ද මෙයයි. ඒ අනුව මෙරටේ  ප්‍රථම උපසම්පදාව හා පැවිදි කර්මය සිදුකළ දිනය වශයෙන් පොසොන් පෝ දින වැදගත් වේ. තව ද අකාලික වූ නිර්මල වූ දේශනාවන්ගෙන් ලක්වැසියන්  ශ්‍රද්ධාව ජනිත කරවා, මාර්ග ලාභීන් බිහිකරවා, තෙරුවන් සරණ මුල් කරගත් සංස්කෘතියක් බිහි කරවීමට අවශ්‍ය සමාජ වපසරිය ද මේ ඔස්සේ නිර්මාණය විය.

ඉක්බිති මිහිඳු හිමියන් සුමන සාමනේරයන් ලවා කාල ඝෝෂා සිදු කළ ස්ථානය වර්තමානයේ දී ආරාධනා ගල ලෙස හඳුන්වනු ලබයි. එම තෙරුණ් මුලු ලක්දිවටම ඇසෙන ලෙස ඍධි බලයෙන් කළ කාල ඝෝෂාව අසා රැස් වූ ලක්වැසි දිව්‍ය, නාග සුපර්නාදීන්ට මිහිඳු නාහිමියන් විසින් සමචිත්ත පරියාය සූත්‍රය දේශනා කළසේක.
මිහිදු හිමි විසින් අන්තපුරයේ දී විමාන වස්තුව හා ප්‍රේත වස්තුව මුල් කරගනිමින් ධර්මය දේශනා කළ අතර එය අසා අනුලා දේවිය ඇතුළු පන්සියයක් ස්ත්‍රී හු සෝවාන් විය. එසේම ඇත්හලේදී දේව දූත සූත්‍රය දේශනා කළ අතර ඉන් දහසක් පුරුෂයෝ සෝවාන් ඵලයට පත්විය. තවද උන් වහන්සේ  මෙරටට වැඩම කළ මුල් දිනයේම දෙදහස් පන්සියයක් පිරිස සෝවාන් ඵලයට පත්වූ බවද සඳහන් වේ.

බුද්ධ ශාසනයට අනුග්‍රහහය දක්ව දේවානම්පිතිස්ස රජු විසින් මහාමේඝ උද්‍යානය මහා සංඝයාට පූජා කළේය. මහමෙව්නා උයන පිළිගත් උන්වහන්සේ පිළිවෙලින් ශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඩ සිටින තැන, ලෝවාමහාපාය පිහිටි තැන, රුවන්වැලි සෑය පිහිටි තැන ආදී ස්ථාන නිර්ණය කොට සතර බුදුවරුන් විසින් සේවනය කරන ලද උත්තම ස්ථාන සතකට අග්ගික්ඛන්දෝපම සූත්‍රය ඇසුරෙන් බණ කියා දහසක් දෙනාට නිවන් මඟ පෑදුවේය. තුන් වන දා ආශිර්විෂෝපම සූත්‍රයත් සිව්වන දිනයේ අනමතග්ග සූත්‍රයත් දේශනා කළේය. එසේම මහා සීමාව බඳවා බුදු සසුන තිර කළේය.

පස් වන දින ඛජ්ජනිය පරියාය සූත්‍රය ද, සයවන දින ගොමය පිණ්ඩ සූත්‍රයද සත්වන දින ධම්සත් පැවතුම් සූත්‍රයද දේශනා කොට දහසක් දෙනාට ධර්ම අවබෝධය ලබාදුන් සේක.

සකෘර්දාගාමී වූ අනුලා දේවිය පැවිදි වීමට කැමති බව රජුට ප්‍රකාශ කළ අතර මිහිඳු හිමිට මේ බව දැන්වූ විට උන්වහන්සේ සංඝමිත්තා තෙරණිය ලවා මෙම කාර්යය සිදු කළ හැකි බව පැවසීය. අනතුරුව සිදුවන දුමින්දාගමනය සමඟ ලංකාවේ භික්ෂුණී ශාසනයේ ආරම්භය සනිටුහන් වේ.

ඒ අනුව මෙරට භික්ෂුණී  ශාසනය ආරම්භ කිරීමට  ශිල්ප ශ්‍රේණි 18ක පිරිසක් සමඟ සංඝමිත්තා තෙරණිය මෙරටට වැඩමවීමත් සිදු වන්නේ මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙසය. මිහිඳු හිමිගේ නැඟණිය වන සංඝමිත්තා තෙරණිය බුද්ධ ගයාවේ සිට ශ්‍රී ලංකාවට වැඩමවූ ශ්‍රී  මහ බෝධීන් වහන්සේ මෙරට බෞද්ධ ජනතාවට වන්දනාමාන කිරීම සඳහා මහමෙව්නා උයනේ රෝපණය කර තිබේ.
මෙසේ බු.ව 236 දී අශෝක අධිරාජ්‍යාගේ පුත් මිහිඳු තෙරුන් පොසොන් පෝ දිනයේ දී බුදු දහම මෙරටට ගෙනවිත් පාලකයා බෞද්ධයෙක් බවට පත් කිරීමත් සමඟම බුදු දහම ලංකාවේ ස්ථාපිත විය. සියලු රජවරු බුදු දහම ව්‍යාප්ත කිරීමට වෙහෙසී කටයුතු කළ අතර බු.ව 200 පමණ වන විට බුදු දහම ලංකාවේ  රාජ්‍ය ආගම බවට පත්විය.
දෙවන පෑතිස් රජු  බුදු දහම වැළඳ  ගැනීමේ සිට මෙරට බලයට පත්වන සෑම පාලකයෙක්ම   බෞද්ධයෙක් විය යුතු යැයි තිර සමාජ පිළිගැනීමක් ඇතිවිය. ඒ නිසාම එළාර, පණ්ඩු ආදී ද්‍රවිඩ රජවරුන්ටද  බුදු දහමට අනුව රට පාලනය කිරීමට සිදුවිය. එතැන් පටන් රජවූ සියලු පාලකයන්ට බුදු දහම වැළඳ ගැනීම, දන්ත ධාතූන් වහන්සේගේ අයිතිය හා භික්ෂූන් වහන්සේලාගේ  පක්ෂපාතිත්වය හිමි වීම අනිවාර්ය විය.

මේ අනුව සැලකීමේදී මහින්දාගමනය සිංහල සභ්‍යත්වයේ ප්‍රභවය ලෙස පෙන්වා දිය හැක. එනම් උන්වහන්සේ මෙරටට ගෙනආවේ බුදු දහම පමණක්ම නොවේ මෞර්ය ශිෂ්ටාචාරයේ උසස් ගුණාංගත් අධ්‍යාපනය, සාහිත්‍යය, ගෘහ නිර්මාණ ශිල්පය, කෘෂිකර්මය පමණක් නොව සාරධර්ම පිරි සමාජයත් අපට දායාද වූයේ ද මිහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙසය.